News Line| Off Air| Games
Generic placeholder image

Jul
5

ඔරුගොඩවත්ත රේගු අංගනයේ කන්ටේනරයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගනී.

612 Views


ඔරුගොඩවත්ත රේගු අංගනයේ කන්ටේනරයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගනී.

ඔරුගොඩවත්ත රේගු අංගනයේ කන්ටේනරයක තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිිදුර විමර්ශන සදහා අද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දීමට නියමිතයි. රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න මහතා සදහන් කලේ ඒ සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් ද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දෙන බවයි.

ඔරුගොඩවත්ත රේගු අංගනයේ කන්ටේනරයක තිබී නීති විරෝධී ලෙස ආනයනය කල මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනුනා. ඒ රේගු භාණ්ඩ නිශ්කාශන අංශයේ නිළධාරීන් විසින්. සාමාන්‍ය මගී භාණ්ඩ ලෙස සදහන් කරමින් මෙම භාණ්ඩ තොගය එවා තිබුණා.

කෙසේ වෙතත් ඒ සම්භන්ධයෙන් කල පරීක්ෂාවේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කලේ. එහි තිබී හෂීස් ග‍්‍රෑම් 2 445 ක් ගංජා කිලෝ 02 ක් විදේශීය මත්පැන් බෝතල් 220 ක් හා වයින් බෝතල් 225 ක් සොයා ගෙන තිබෙනවා.

ඒවායේ වටිනාකම රුපියල් එක් කෝටි එක් ලක්ෂ 53 000 ක්. මෙම භාණ්ඩ මෙරටට ආනයනය කල පුද්ගලයා සෙයා මෙහෙයුම් ක‍්‍රියාත්මකයි.

මේ අතර බලපත‍්‍ර නොමැතිව මෙරටට රැගෙන ආ මත්පැන බෝතල් තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී ඊයේ පොලිස් අත්අඩංගුවට පත් වුණා. සැකකරු සතුව ලීටර 69 විදේශීය මත්පැන් බෝතල් 9 ක් තිබූ බවයි පොලීසිය පැවසුවේ. මෙලෙස අත්අඩංගුවට පත් වුනේ ඉන්දීය ජාතිකයෙක්.


News Articles
Latest Videos
Most Popular Post