News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

යශෝධ රංගේබණ්ඩාරගේ රිය අනතුරට සම්බන්ධ නඩුව නැවත කැඳවීම ලබන 24 වැනිදා

520 Views


යශෝධ රංගේබණ්ඩාරගේ රිය අනතුරට සම්බන්ධ නඩුව නැවත කැඳවීම ලබන 24 වැනිදා

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර විසින් රිය අනතුරක් සිදු කර නිවසකට අලාභ හානි සිදු කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ නඩුව ලබන 24 වැනිදා නැවත කැඳවීමට අධිකරණය නියෝග කලා.

ඒ අදාළ නඩුව හලාවත දිසා විනිසුරු හා මහේස්ත‍්‍රත් මංජුල තිලකරත්න මහතා හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි. හලාවත,බංගදෙණිය – කෝට්ටපිටිය මංසන්ධියේදී පසුගිය ජූනි මස 06 වනදා මෙම රිය අනතුර සිදු වුණා.

එහිදී අදාළ කැබ් රථය පැදවූ බව කියන යශෝධ රංගේබණ්ඩාර තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මාරු කර යැවුනේ කොළඹ ජාතික රෝහලටයි. පසුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කඩුවෙල මහේස්ත‍්‍රාත්වරයා නියෝග කලේ. කෙසේ වෙතත් පසුගිය 14 වනදා රුපියල් 50,000 ක ශරීර ඇප මත යශෝධ රංගේබණ්ඩාර මහතා මුදා හැරුනා.

මේ අතර වළල්ලාවිට ප‍්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරාල අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලූආරච්චි මහතා විසින්.

සියත අධිකරණ වාර්තාකරු පැවසුවේ ඔහුට එරෙහිව විභාග වන නඩුවක් සදහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් එලෙස වරෙන්තු නිකුත් කල බවයි. නීතිවිරෝධී ලෙස පස් ප‍්‍රවාහනය සදහා අවසර ලබාදීමට රුපියල් ලක්ෂ 10 ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් උදේනි අතුකෝරාලට එරෙහිව එම නඩවු පවරනු ලැබුවේ අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසම මගින්.

SIYATHA FM EVENING NEWS | 06:30 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post