News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

තායිලන්ත පාසල් පාපන්දු ක‍්‍රීඩකයින් බේරා ගැනීමේ මෙහෙයුම තවදුරටත්.

641 Views


තායිලන්ත පාසල් පාපන්දු ක‍්‍රීඩකයින් බේරා ගැනීමේ මෙහෙයුම තවදුරටත්.

තායිලන්තයේ ගුහාවක සිර වී සිටින එරට පාසල් පාපන්දු කණ්ඩායමේ ක‍්‍රීඩකයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ඉන් පිටතට ගෙන ඒම සදහා අඛණ්ඩ මෙහෙයුම් සිදු කරන බව තායිලන්ත බලධාරීන් පවසනවා.

අධික වර්ෂාවත් සමග ගුහාවේ ජල මට්ටම ඉහල ගොස් ඇති බැවින් එම කටයුතු වලට දැඩි බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. ගුහාවේ ජලය පිටතට ගැනීමේ ක‍්‍රමයක් කෙරෙහි ද අවදානය යොමු වී තිබෙනවා.

එතෙක් ඔවුන්ට අවශ්‍ය ආහාර පාන කිමිදුම්කරුවන් මාර්ගයෙන් එම ස්ථානයට යවා තිබෙනවා. ජල මට්ටම අඩු වූ වහා එම දරුවන් පිටතට ගැනීමට කටයුතු කරන බවයි මුදවා ගැනීමේ කණ්ඩායම් ප‍්‍රකාශ කරන්නේ.

අදාළ පාසල් පාපන්දු කණ්ඩායමේ ක‍්‍රීඩකයින් 12 දෙනා හා ඔවුන්ගේ පුහුනුකරු තායිලන්තයේ තෑම් ලූඈන්ග් නැමැති ගුහාවේ ගවේෂණ සදහා පිටව ගොස් තිබුනේ පසුගිය 23 වනදා යි. නමුත් ඔවුන් යලි නොපැමිණීම මත මුදවා ගැනීමේ කණ්ඩායම් විසින් මෙහෙයුම් ආරම්භ කලා.

කෙසේ වෙතත් කිමිදුම්කරුවන් සිදු කල මෙහෙයුම් වලින් අනතුරුව දරුවන් හා ඔවුන්ගේ පුහුණුකරු පසුගිය 02 වනදා නිරුපද්‍රිතව සෙයා ගැනුනා


News Articles
Latest Videos
Most Popular Post