News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

විජයකලා අගමැති හමු වෙයි.

507 Views


විජයකලා අගමැති හමු වෙයි.

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ඊයේ රාත‍්‍රියේ අරලියගහ මන්දිරයට පැමිණ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමු වුනා. ඒ කොළඹට පැමිණ තමා හමුවන්නැයි අග‍්‍රාමාත්‍යවරයා කළ දැනුම් දීමකට අනුවයි.

යාපනය වීරසිංහම් උත්සව ශාලාවේ පැවති උත්සවයකදී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප‍්‍රකාශය පිළිබඳව මෙහිදී අග‍්‍රාමාත්‍යවරයා දීර්ඝ වශයෙන් කරුණු විමසා තිබෙනවා. කෙසේ වෙතත් මෙම හමුවේදී සකච්ජා වූ කරුණ පිළිබඳව මාධ්‍යට කිසිදු ප‍්‍රකාශයක් නිකුත් කර නැහැ.

මේ අතර විිජයකලා මහේෂ්වරන් මහත්මියගේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ දිනයේත් පක්ෂ විපක්ෂ දේශපාලන ෙවිදිකාවේ විවිධ අදහස් පල වුනා. මේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා.


News Articles
Latest Videos
Most Popular Post