සිය ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් තර්ජන පවතින බව කතරගම කිරිවෙහෙර විහාරධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් පවසනවා. වෙඩි ප‍්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටින උන්වහන්සේ තවදුරටත් ප‍්‍රතිකාර ලබන්නේ කොළඹ පෞද්ගලික රෝහලකයි.
කෙසේ වෙතත් උන්වහන්සේගේ සෞඛ්‍ය තත්වය මේ වන විට සාමාන්‍ය තත්වය පත් වෙමින් පවතින බව රෝහල් ප‍්‍රකාශකයෙකු සදහන් කළා. කතරගම කිරිවෙහෙර විහාරධිපති හිමියන් හට වෙඩි තබා තුවාල සිදුකීරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 07 දෙනා ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ ඊයේ දිනයේ දීයි.
පසුගිය මස 12 වනදා කතරගම කිරිවෙහෙර පුදබිමේදී එල්ල වූ වෙඩි ප‍්‍රහාරයකින් කිරිවෙහෙර විහාරාධිපති හිමියන් සහ තවත් හිමි නමක් තුවාල ලැබුවා.