News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

පෑලියගොඩ ඇමොනියා ටැංකි ප‍්‍රවාහනය කල කන්ටේනරයක පිපිරීමක්

824 Views


පෑලියගොඩ ඇමොනියා ටැංකි ප‍්‍රවාහනය කල කන්ටේනරයක පිපිරීමක්

පෑලියගොඩ ප‍්‍රදේශයේ ඇමොනියා ටැංකි ප‍්‍රවාහනය කල කන්ටේනර් රථයක් තුල පිපිරීමක් සිදු ව තිබෙනවා. පොලීසිය පැවසුවේ පාරේ නවතා තිබූ අදාල කන්ටේනර් රථයේ පටවා තිබූ ඇමොනියා ටැංකි අතරින් එක් ටැංකියක් එලෙස පිපිරීමට ලක්ව ඇති බවයි.

කෙසේවෙතත් පිපිරීමෙන් කිසිවෙකුට හානි සිදුවී නැහැ. අප වාර්තාකරු පැවසුවේ පිපිරීම හේතුවෙන් මේ වන විට එම මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී ඇති බවයි.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ. අදාල පිපිරීමට හේතුවෙ මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post