ඉන්ධන පැවති මිල ගණන් යටතේම ලබා දෙන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් හිමියන්ට දැනුම් දී තිබෙනවා.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඛනිඡු තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ ලිඛිත අවසරයකින් තොරව ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට පිරවුම් හල් වලට නීතිමය හැකියාවක් නොමැති බවයි.
මාධ්‍ය මගින් වාර්තා කරන ප‍්‍රවෘත්තී පදනම් කර ගනිමින් ඉන්ධන මිල ඉහල නැංවීම ඛනිඡු තෙල් නීතිගත සංස්ථාවේ බෙදුම්කාර ගිවිසුම උල්ලංඝණය කිරීමක් බව එම නිවේදනයේ සදහන්.
ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ලැබුවා. මුදල් අමාත්‍යාංශය සදහන් කලේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක්රුපියල් 08 කින් ඉහළ නංවා ඇති බවයි
ඒ අනුව එහි නව මිල රුපියල් 145ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 155 ක් වන අතර එම වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 7 කින් වැඩි කර තිබෙනවා. ඞීසල් ලීටරයක් ඉහල නංවා ඇත්තේ රුපියල් 9 කින්. එහි නව මිල රුපියල් 118 ක් වනවා. සුපර් ඞීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමත් සමඟ එහි නව මිල වන්නේ රුපියල් 129 ක්