News Line| Off Air| Games
Generic placeholder image

Jul
6

රුසියාවේ භූමිකම්පාවක්. පාපන්දු ලෝක කුසලානයට මොනවා වෙයිද?

707 Views


රුසියාවේ භූමිකම්පාවක්. පාපන්දු ලෝක කුසලානයට මොනවා වෙයිද?

මේ දවස්වල ලෝකයේ වැඩිම අවධානමක් දිනාගෙන තියෙන රට තමයි රුසියාව. ඒ ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව වුන පාපන්දු ලෝක කුසලානය පැවැත් වෙන නිසා. ඒ අවධානය අද තවත් වැඩි වුණා.

ඒ රුසියාවේ සිද්ධ වුන භූමිකම්පාවක් නිසා. රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ තමයි මේ භූමිකම්පාව වෙලා තියෙන්නේ. භූමිකම්පාවේ ප්‍රභලත්වය රිච්ටර් මාපංක 6.1 ක් වෙනවා.

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට කිලෝමීටර් 600ක් පමණ බටහිරින් පිහිටි ඔක්හොට්ස් මුහුදු පත්ලේ ඒ භූමිකම්පාව සිද්ධ වෙලා තියෙන්නේ. අද අළුයම 1.40 ට පමණ මෙය සිදුව තිබෙනවා. හැබැයි මේවනතෙක් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර නැහැ.

භූමිකම්පාවෙන් කිසිදු දේපොළ හෝ ජීවිත හානිය සිදු වෙලත් නෑ. අද දිනයේ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ වෙනවා. ඒ වුනත් මේ භූමිකම්පාවෙන් තරඟාවලියට බාධාවක් වෙන්නේ නෑ කියලයි වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post