මොණරාගල මැදගම ජාතික පාසලේ සිසුන් පිරිසක් හදිසියේ රෝහල් ගත කර තිබෙනවා. ඒ එම සිසුන්ට හදිසියේ ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන්.
අප ප‍්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ එම පාසලේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 13 දෙනෙකු නේවාසික ප‍්‍රතිකාර සදහා යොමු කර ඇති බවයි.
එම සිසුන්ගේ ශරීරයේ කැසීම් පලූ දැමීම් වැනි රෝග ලක්ෂන තවදුරටත් පවතින බැවින් ඔවුන් එලෙස නේවාසික ප‍්‍රතිකාර සදහා යොමු කර තිබෙනවා.
වෛද්‍යවරුන් පවසන්නේ ආහාර විෂ වීමක් හේතුවෙන් මෙම තත්වය මතු වන්නට ඇති බවට සැක පල කරන බවයි.
SIYATHA FM MAIN NEWS | 06:30 PM | Editor : Amila Udaraka