News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

ඉන්ධන පැවතී මිළටම…

440 Views


ඉන්ධන පැවතී මිළටම…

ඉන්ධන පැවති මිල ගණන් යටතේම ලබා දෙන ලෙස ලංකා ඛනිඡ තෙල් නීතිගත සංස්ථාව දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් හිමියන්ට දැනුම්දී තිබෙනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඛනිඡ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ ලිඛිත අවසරයකින් තොරව ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට පිරවුම් හල් වලට නීතිමය හැකියාවක් නොමැති බවයි.

මාධ්‍ය මගින් වාර්තා කරන ප‍්‍රවෘත්තී පදනම් කර ගනිමින් ඉන්ධන මිල ඉහල නැංවීම ඛනිඡු තෙල් නීතිගත සංස්ථාවේ බෙදුම්කාර ගිවිසුම උල්ලංඝණය කිරීමක් බව එම නිවේදනයේ සදහන්.

කෙසේවෙතත් අයි ඕ සී සමාගම පවසන්නේ තම ඉන්ධන පිරවුම් හල් තුල ඉහල ගිය නව මිල ගණන් යටතේ ඉන්ධන අලවි වන බවයි.

මේ අතර අද පාර්ලිමේන්තුවේදීද මෙම ඉන්ධන මිල ඉහල නැංවීම සම්බන්ධයෙන් අදහස් පල වුනා. ඒකතානායක කරූ ජයසූරිය සහ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අතරයි. එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගෙන් බාධා එල්ල වූ අතර ඊට අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයා දැකුවුවේ උනුසුම් ප‍්‍රතිචාරයක්.

ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ලැබුවා. මුදල් අමාත්‍යාංශය සදහන් කලේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක්රුපියල් 08 කින් ඉහළ නංවා ඇති බවයි.

ඒ අනුව එහි නව මිල රුපියල් 145ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 155 ක් වන අතර එම වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 7 කින් වැඩි කර තිබෙනවා. ඞීසල් ලීටරයක් ඉහල නංවා ඇත්තේ රුපියල් 9 කින්
එහි නව මිල රුපියල් 118 ක් වනවා. සුපර් ඞීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමත් සමඟ එහි නව මිල වන්නේ රුපියල් 129 ක්.

SIYATHA FM MAIN NEWS | 06:30 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post