News Line| Off Air| Games
Generic placeholder image

Jul
6

නව ජනාධිපති ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන උදය ආර්. සෙනෙවිරත්න මහතා පත්කෙරේ.

409 Views


නව ජනාධිපති ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන උදය ආර්. සෙනෙවිරත්න මහතා පත්කෙරේ.

නව ජනාධිපති ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන උදය ආර්. සෙනෙවිරත්න මහතා පත් කර තිබෙනවා. ඔහු අද පස්වරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දීයි.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ උදය ආර්. සෙනෙවිරත්න මහතා, මීට මාස කිහිපයකට පෙර එම ධූරයෙන් විශ‍්‍රාම ලැබූවා. වසර 37කට අධික කාලයක් රාජ්‍ය සේවයේ කටයුතු කරමින් විශාල පළපුරුද්දක් හා අත්දැකීම් සම්භාරයක් ඇති නිලධාරියකු වූ උදය ආර්. සෙනෙවිරත්න මහතා මීට පෙර කී‍්‍රඩා, මහා මාර්ග හා ආයෝජන ප‍්‍රවර්ධන, ඵලදායිතා ප‍්‍රවර්ධන, පරිසර හා මහවැලි සංවර්ධන යන අමාත්‍යාංශවල ස්ථීර ලේකම්වරයා ලෙස කටයුතු කලා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස කලක් කටයුතු කල ඔහු ස මුදල් හා සැළසුම් අමාත්‍යාංශයේ කටයුතු කලේ නියෝජ්‍ය ලේකම්වරයෙකු ලෙස යි. මීට පෙර ජනාධිපති ලේකම් ධූරයේ කටයුතු කල ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ඊයේ එම ධූරයෙන් ඉල්ලා අස් වුනේ විවේක සුවයෙන් කල්ගත කිරීමට ඇති අවශ්‍යතාවය මතු කරමින්.

SIYATHA FM MAIN NEWS | 06:30 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post