News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

විජයකලාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති සහ අගමැතිට.

883 Views


විජයකලාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති සහ අගමැතිට.

රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට භාරදී ඇති බව වාර්තා වනවා.

පසුගිය සිව් වනදා රාති‍්‍රයේ අරලියගහ මන්දිරයට පැමිණ අග‍්‍රාමාත්‍යවරයා හමුවී සිදුකළ සාකච්ඡාවෙන් අනතුරුවයි ඇය මෙලෙස සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණේ.

විජයකලා මහේෂ්වරන් මහත්මිය ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍යධූරයේ මෙතෙක් කටයුතු කළා. උතුරේ ජනතාවට මතුව ඇති ගැටලූ නිරාකරණය කර ගැනීම සදහා එල් ටී ටී ඊ් සංවිධානය මෙරට තුල යලි ස්ථාපිත විය යුතු බව රාජ්‍ය අමාත්‍ය විිජයකලා මහේෂ්වරන් මහත්මිය ප‍්‍රකාශ කලේ පසුගිය දෙවනදා යාපනය ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්.

ඇයගේ එම ප‍්‍රකාශයට එරෙහිව පාර්ශව රැසකින් විරෝධතා එල්ල වුණා.


News Articles
Latest Videos
Most Popular Post