හෙරොයින් කිලෝග‍්‍රෑම් 103 ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා එම ජාවාරම සදහා මෙහෙයවා ඇත්තේ මරණ දඩුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැදවියෙකු විසින් බව අනාවරණය වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ අදාළ බන්ධනාගාර රැුදවියා අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සමග කලක පටන්ම දුරකථනයෙන් කතාබහ කරමින් සිට ඇති බවයි.
ලද තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යයාංශය විසින් කළ වැටලීමකදී සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ රාති‍්‍රයේදීයි.
ඔවුන් සතුව තිබී හෙරොයින් අඩංගු පාර්සල් 96 ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවා. අදාළ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 1 248 කට අධිකයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් විමර්ශන කි‍්‍රයාත්මකයි
Siyatha Top Story | 01:00 PM | Editor : Sithara Athukorala