මැල්සිරිපුර ගොකරැුල්ල දියතුරේ ප‍්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 60 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය පැවසුවේ මගීන් ප‍්‍රවාහනය කරමින් සිටි පෞද්ගලික බස් රථ 2ක් මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුරව සිදුව ඇති බවයි.
එලෙස මුහුණට මුහුණ ගැටී ඇත්තේ යාපනයේ සිට ඇඹිලිපිටිය බලා ධාවනය වූ පෞද්ගලික බස් ථයක් සහ ඇඹිලිපිටියේ සිට යාපනය බලා ධාවනය වූ බස් රථයක්. තුවාල ලැබූ පුද්ගලයන් ගොකරැුල්ල සහ ගලේවෙල රොහල් වෙත ඇතුලත් කර ඇති බවයි පොලීසිය සදහන් කලේ.
ඉන් බරපතල තුවාල ලැබූ 40 දෙනෙකු මේ වන විට වැඩිදුර ප‍්‍රතිකාර සදහා කුරුණෑගල සහ දඹුල්ල රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.