News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

පිටකොටුවේ වෙඩි තැබීමකින් කොළඹ නාගරික මන්ත‍්‍රීවරයෙකු මරුට

750 Views


පිටකොටුවේ වෙඩි තැබීමකින් කොළඹ නාගරික මන්ත‍්‍රීවරයෙකු මරුට

පිටකොටුවේ සිදුවූ වෙඩි තැබීමකින් කොළඹ මහ නගර සභාවේ ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ මීට සුලූ මොහොතකට පෙර පිටකොටුව හෙට්ටිවීදිය ප‍්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදු වූ බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ නාගරික මන්තී‍්‍රවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි කොළඹ නාගරික මන්ත‍්‍රී ක‍්‍රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් මහතායි. සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය මගින් විමර්ශන කි‍්‍රයාත්මකයි.

මේ අතර කොළඹ-ජම්පටාවීදියේ‍, ‍සෙල්විගේ වත්ත ප‍්‍රදේශයේ ඊයේ රාති‍්‍රයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගියා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දෙදෙනෙකු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයින් ‍දෙදෙනා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

Siyatha Top Story | 09:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post