News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

කිරිබත්ගොඩ ත‍්‍රීරෝද රථයකින් කැපුම් තුවාල සහිත මළ සිරුරක් හමුවෙයි

1153 Views


කිරිබත්ගොඩ ත‍්‍රීරෝද රථයකින් කැපුම් තුවාල සහිත මළ සිරුරක් හමුවෙයි

කිරිබත්ගොඩ,නාහේන පාරේ ත‍්‍රීරෝද රථයක් තුළ තිබී කැපීම් තුවාල සහිතව මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

අද අලූ‍යම 3 00 ත්- 3.30 ත් අතර කාලයේ දී කිරිබත්ගොඩ, නාහේන ගැමුණු මාවත අසල නිවසක දී මෙම පුද්ගලයාට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මියගිය පුද්ගලයා වත්තල හැදල හංදියේ ත‍්‍රීරෝද රථ රියදුරකු වන අතර ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඝාතනයෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ ත‍්‍රීරෝද රථයෙන්ම සිරුර නිවසින් රැුගෙන ගොස් එම ප‍්‍රදේශයේ අතුරු මාර්ගයක දමා ගොස් ඇති බව පොලීසිය පවසනවා. මියගොස් ඇත්තේ 40 හැවිරිදි නාහේනවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලීසිය මගින් විමර්ශන කි‍්‍රයාත්මකයි.

මේ අතර පිටකොටුවේ අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීම යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් සිදුකර පලාගොස් ඇති බව පොලිසිය සදහන් කළා. පිටකොටුව හෙට්ටිවීදිය ප‍්‍රදේශයේදී සිදුවූ එම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 40 හැවිරිදි කොළඹ නාගරික මන්ත‍්‍රී ක‍්‍රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් මහතායි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ නාගරික මන්තී‍්‍රවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

Siyatha Top Story | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post