News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

හෙරොයින් මෙරටට රැගෙන ආ පකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට

552 Views


හෙරොයින් මෙරටට රැගෙන ආ පකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 4 යි ග‍්‍රෑම් 186 ක් දිවයිනට රැගෙන ආ පකිස්ථාන ජාතිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදීයි.

පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට අද පෙරවරු 7 .30ට පමණ සැකකරු දිවයිනට පැමිණ තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සැකකරුගේ ගමන් මල්ලේ රහසිගත පතුලක සඟවා, හෙරොයින් තොගය දිවයිනට රැගෙන විත් ඇති බවයි.

හෙරොයින් තොගයේ වටිනාකම මිලියන 50 කට අධිකයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක‍්‍රියාත්මකයි.

මේ අතර හෙරොයින් කිලෝග‍්‍රෑම් 103 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු කළුබෝවිල සහ බත්තරමුල්ල ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගැනුණේ ඊයේ දිනයේදීයි. එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 1,248 ක් බවට ගණන් බලා තිබෙනවා.

Siyatha Top Story | 11:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post