News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

රේගුවේ රත්‍රං වැටලීම් වලින් රජයට ලක්ෂ 6936 ක ආදායමක්.

482 Views


රේගුවේ රත්‍රං වැටලීම් වලින් රජයට ලක්ෂ 6936 ක ආදායමක්.

වසරේ මුල් මාස 06 තුළ දිවයින පුරා සිදු කළ රත‍්‍රං වැටලීම්වලදී රුපියල් ලක්ෂ 6 936 ක ආදායමක් රජයට ලබාදී ඇති බව ශ‍්‍රී ලංකා රේගුව පවසනවා. ශ‍්‍රී ලංකා රේගුව සඳහන් කළේ එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 400ක ඉහළ යෑමක් බවයි.

ලද ආදායමෙන් රුපියල් ලක්ෂ 3778 ක් ගුවන් තොටුපලේ දී පමණක් රත‍්‍රං වලින්ලැබී ඇති බවයි රේගුව සදහන් කලේ. විවිධ නීතිවිරෝධි ආකාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල හරහා සහ කොළඹ වරාය හරහා මෙවැනි ක‍්‍රියාකාරකම් විශාල වශයෙන් සිදුවීමේ ප‍්‍රවණතාවයක් පසුගිය කාලය හා සැසඳීමේ දී ඉහල ගොස් ඇති බවද රේගුව ප‍්‍රකාශ කලා.

පසුගිය වසරට සාපේක්ෂව රත‍්‍රං නීතිවිරෝධීව රට තුළට ගෙන ඒමට හා රටින් පිට කිරීමට උත්සහ කිරීම් 49 ක් වාර්තා වී තිබෙනවා. බෝට්ටුවලින් රත‍්‍රං ප‍්‍රවාහනය කරන අවස්ථාවන්හිදී අත්අඩංගුවට ගැනීම් 5ක් වාර්තා වන අතර, එම රත‍්‍රංවල වටිනාකම රුපියල් ලක්ෂ 3117ක්. එමෙන්ම දඩ වශයෙන් රුපියල් ලක්ෂ 40 ක් පමණ අයකර ගෙන ඇති බවයි රේගුව සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post