News Line| Off Air| Games
Generic placeholder image

Jul
10

ලී ක්වාන් යූ 2018 ජල සම්මානය අමෙරිකානු ජාතික මහාචාර්ය රීටා රොසි කොල්වෙල්ට.

808 Views


ලී ක්වාන් යූ 2018 ජල සම්මානය අමෙරිකානු ජාතික මහාචාර්ය රීටා රොසි කොල්වෙල්ට.

ලෝකයේ ජල අභියෝග ජය ගැනීම සඳහා නවෝත්පාදක තාක්ෂණය යොදා ගැනීම ඔස්සේ මානව සංහතියට සිදු කළ සේවාව වෙනුවෙන් පිරිනැමෙන ලී ක්වාන් යූ 2018 ජල සම්මානය අමෙරිකානු ජාතික මහාචාර්ය රීටා රොසි කොල්වෙල්ට හිමි වුණා.

මෙම සම්මාන උළෙල ඊයේ පස්වරුවේ පැවැත්වුනේ සිංගප්පූරුවේ යි. මෙහි විශේෂ ආරාධිතයන් වශයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ මහත්මිය සහභාගී වුණා.

දුර දැක්ම, යහපාලනය හා නවෝත්පාදන ඔස්සේ නගර සංවර්ධනය සඳහා පිරිනැමෙන ලී ක්වාන් යූ 2018 නගර සම්මානය හිමි වූයේ දකුණු කොරියාවේ සියොල් නගරයටයි. ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් රවුෆ් හකීම්, සජිත් පේ‍්‍රමදාස, අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන් මේ සදහා සහභාගී වුණා.


News Articles
Latest Videos
Most Popular Post