News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
10

පුත්තලමේ අතුරුදහන් වුන දරුවන් දෙදෙනා කොළඹින් සොයා ගනී.

554 Views


පුත්තලමේ අතුරුදහන් වුන දරුවන් දෙදෙනා කොළඹින් සොයා ගනී.

පුත්තලම කිවුල තරුණ ව්‍යාපාර ගම්මානයෙන් අතුරුදන් වූ දරුවන් දෙදෙනා සොයා ගෙන තිබෙනවා. ඒ ඊයේ රාත‍්‍රියේ කොළඹ වේල්ලවීදිය ප‍්‍රදේශයේ බස් නැවතුම්පොලක රැදී සිටියදීයි.

මෙලෙස අතුරුදන් වී සිටියේ කිවුල තරුණ ගම්මානයේ සිටි 07 හා 09 ශ්‍රේණි වල දරුවන් දෙදෙනෙක්. දරුවන් පසුගිය ඉරිදා සිට අතුරුදන් බවයි ඔවුන්ගේ දෙමාපියන් පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණේ.

ඒ අනුව දරුවන් සොයා මෙහෙයුම් ආරම්භ වූ අතර ඔවුන්ගේ බව පැවසෙන පාපැදියන් ද මදුරන්කුලිය ප‍්‍රදේශයේ තිබී පොලීසිය සොයා ගත්තා. කෙසේ වෙතත් ඊයේ රාත‍්‍රියේ ලද තොරතුරකට අනුව දරුවන් වේල්ලවීදිය ප‍්‍රදේශයේ සිටිය දී සිය භාරයට ගත් බවයි පොලීසිය සදහන් කලේ. පොලීසිය මේ වන විට දරුවන් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කරමින් සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post