News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
10

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප‍්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති 3 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට.

616 Views


ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප‍්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති 3 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට.

රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිට රිමාන්ඞ් බාරයට පත් කර සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප‍්‍රධානී අයී.එච්.කුසූමදාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය ලබන 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් පසුගිය මැයි 03 වනදා රාති‍්‍රයේ සිදුකළ වැටලීමකදීයි. රුපියල් කෝටි 10 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී මෙම වැටලීම සිදු කර තිබුණා.

කොළඹ පිහිටි ප‍්‍රධාන පෙළේ හෝටලයක් තුළ දී මෙම ගනුදෙනුව සිදුව තිබුනේ විදේශීය සමාගමක කොටස් හුවමාරුවකට අදාළවයි. පුද්ගලික සමාගමක් වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සදහා අනුමැතිය ලබා දීමට මෙම අල්ලස් මුදල ඉල්ලා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post