අනුරාධපුර වන්නියකුලම් ප‍්‍රදේශයේදී ඝාතනයට ලක් වූ සුජීව ප‍්‍රසන්නගේ බිරිද පවසන ආකාරයට පොලීසිය අසත්‍ය තොරතුරු ප‍්‍රකාශයට පත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තමන් ප‍්‍රකාශයට පත් කල කරුණු වල සත්‍යතාවය තහවරු කිරීම සදහා අද දිනයේදී සුජීව ප‍්‍රසන්නට අදාල අධිකරණ බී වාර්තා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
පසුගිය 8 වනදා පොලීස් මාධ්‍ය ප‍්‍රකාශක වරයා මාධ්‍ය ඉදිරියේ තම මියගිය සැමියාට සිදු කල චෝදනාව සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන බවඊයේ අනුරාධපුර ප‍්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැදවමින් ඝාතනයට ලක් වූසුජීව ප‍්‍රසන්නගේ බිරිද කියා සිටියා.
සිද්ධිය සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා ඊයේ ලබන 23 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණා
අනුරාධපුර විජයපුර මාවතේ පදිංචි 45 හැවිරිදි සුජීව ප‍්‍රසන්න මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඝාතනයට ලක් වුණේ පසුගිය 05 වනදායි.
SIYATHA MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe