ගායන ශිල්පිණි ප‍්‍රියානි ජයසිංහ මහත්මියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ සැමියා අද පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඝාතනය සම්බන්ධයෙන් ප‍්‍රියානි ජයසිංහ මහත්මියගේ සැමියාව පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී අත්අඩංගුවට ගැනුනේ ඊයේ පෙරවරුවේදීයි.
ගායන ශිල්පිනි ප‍්‍රියානි ජයසිංහ මහත්මිය පානදුර අරුක්ගොඩ ප‍්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදී ඝාතනය කර තිබුනේ පසුගයි 8 වනදා රාත‍්‍රියේදීයි.
ඝාතනයට ලක් වන විට 51 වන වියේ පසු වූ ප‍්‍රියානි ජයසිංහ මහත්මිය දෙරු මවක්.
කදුල නිවන්නම් නෙත නොතෙමෙනවා නම් සහ සුන්දර හදකට දී පෙම් වදන් ඇතුලූ ගීත කිහිපයක්ම ඇය ගායනා කර තිබෙනවා.
SIYATHA MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe