News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
10

බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

462 Views


බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක‍්‍රියාදාමය සම්බන්ධයෙන් මතු වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් බොරිස් ජොන්සන් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධ අමාත්‍ය ඬේවිඞ් ඬේවිස් ඉල්ලා අස්වීමෙන් පැය කිහිපයකට පසුවයි.

බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් අගමැතිනි තෙරේසා මේ ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් සැලසුම බොහෝ මන්ත‍්‍රීවරුන්ගේ කෝපයට හේතු වී තිබෙනවා.

විදේශ ලේකම්වරයා සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේ අගමැතිනිය සිය සැලසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විනාඩි 30 කට පෙරයි.

ලබන වසරේ මාර්තු 29 වෙනි දින බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතයිි. එහෙත් ඉන් අනතුරුව දෙපාර්ශ්වය අතර වෙළෙඳ සම්බන්ධතා පැවැත්වෙන්නේ කෙලෙස ද යන්න සම්බන්ධයෙන්තවමත් එකඟත්වයකට පැමිණ නැහැ.

SIYATHA MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post