News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
10

රථ වාහන ස්ථානීය දඩ මුදල ලබන 15 වැනිදා සිට…

1063 Views


රථ වාහන ස්ථානීය දඩ මුදල ලබන 15 වැනිදා සිට…

රථ වාහන වැරදි 33 ක් සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ මුදල ලබන 15 වැනිදා සිට ක‍්‍රියාත්මක බව පොලීිසිය පවසනවා.

ඒ සඳහා වන නව දඩ පත‍්‍රිකා ඇතුළත් දඩ පොත් ලක්ෂයකට අධික ප‍්‍රමාණයක් දිවයින පුරා පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇති බවයි පොලීසිය සදහන් කලේ. රථ වාහන වැරදි සම්බන්ධයෙන් වන දඩ මුදල ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාශය විසින් සංශෝධනය කර තිබෙනවා.

අදාළ ගාස්තු සංශෝධනය අති විශේෂ ගැසට් පත‍්‍රයක් මඟින් ප‍්‍රකාශයට පත් කෙරුනේ පසුගිය ජනවාරි මස 15 වන දායි.

ස්ථානීය දඩ මුදල් ගාස්තු සංශෝධනයට අනුව අධික වේගයෙන් ගමන් කිරීම සඳහා වූ දඩය රුපියල් 3,000 ක්.

මාර්ග නීති රීති කඩ කිරීමේ හා අණ නොතකා ධාවනය කිරීම සම්බන්ධයෙන් වන දඩය රුපියල් 2,000 ක් වනවා.

මාර්ගයක වාහනයක් නවතා තැබීමේ දී පූර්ව ආරක්ෂණ ක‍්‍රියාමාර්ග නොගැනීමේ දඩය ද රුපියල් 2,000ක් දක්වා ඉහළ නංවා ඇති බවයි පොලීසිය සදහන් කලේ.

Siyatha Top Story | 09:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post