වත්කම් බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් කිරීම සදහා නව ක‍්‍රමවේදයක් හදුන්වා දී තිබෙනවා. අල්ලස් හෝ දූ ෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සදහන් කලේ අන්තර්ජාලය මගින් ද වත්කම් බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් කල හැකි බවයි.
එම ක‍්‍රමවේදයට අදාළ ඊට අදාළ මූලික සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙනවා. වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබා ගැනීමේදී ගත වන කාලය අවම කර ගැනීම හා මෙහි ප‍්‍රධාන අරමුණයි.
එමෙන්ම විවිධ අක‍්‍රමිකතා හේතුවෙන් නව තාක්ෂණික ක‍්‍රමවේද හඳුන්වා දීමට පියවර ගත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සදහන් කලේ.
වත්කම් බැරකම් ප‍්‍රකාශ අන්තර්ජාලය ඔසසේ ඉදිරිපත් කිරීමට අදාළ නව නීති ද සංශෝධනය කිරීමට නියමිතයි.
Siyatha Top Story | 10:00 AM | Editor : Nayomi Karunasinghe