News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
10

ව්‍යාජ පාස්පෝට් වලින් බ්‍රිතාන්‍යට යන්න හදපු ලාංකිකයන් දෙදෙනක් සිංගප්පූරුවේදී අත්අඩංගුවට.

552 Views


ව්‍යාජ පාස්පෝට් වලින් බ්‍රිතාන්‍යට යන්න හදපු ලාංකිකයන් දෙදෙනක් සිංගප්පූරුවේදී අත්අඩංගුවට.

ව්‍යාජ ගමන්බලපත‍්‍ර යොදාගනිමින් බ්‍රිතාන්‍ය බලා යාමට උත්සාහ කළ ශී‍්‍ර ලාංකිකයින් දෙදෙනෙකුට එරෙහිව සිංගප්පූරු අධිකරණය විසින් මාස 08 ක සිර දඩුවම් නියම කර තිබෙනවා.

මෙලෙස සිර දඩුවම් නියම වුයේ 27 හැවිරිදි පුද්ගලයෙුට සහ 46 හැවිරිදි කාන්තාවකටයි. සිංගප්පූරුවේ සිට ලන්ඩන් නුවර බලා පිටත්ව යෑමට සූදානමින් සිටියදී එරට චැංගි ගුවන්තොටුපළ ආරක්ෂක අංශ විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය 18 වනදායි.

යානය ගුවන්ගත වීමට පෙර එරට ගුවන්තොටුපළ බලධාරීන් විසින් මෙම ශී‍්‍ර ලාංකිකයින් දෙදෙනාගේ ගුවන් ලියකියවිලි පරික්ෂා කිරීමේදී ඒවා ව්‍යාජ ලෙස සැකසූ බ්‍රිතාන්‍ය ගුවන්ගමන් බලපත් බවට තහවුරු වී තිබෙනවා.

පසුව අත්අඩංගුවට ගනු ලැබූ ශී‍්‍ර ලාංකිකයින් දෙදෙනා වැඩිදුර ප‍‍්‍රශ්න කිරීම වලින් පසුව සිංගප්පූරු පොලීසියට බාර දී රක්ෂිත බන්ධනාගාර ගත තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post