News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

වැස්සත් එක්ක ඩෙංගුත් හිස ඔසවයි.

479 Views


වැස්සත් එක්ක ඩෙංගුත් හිස ඔසවයි.

කඩින් කඩ ඇද හැලෙන වර්ෂාවත් සමග ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ ඩෙංගු රෝගය හේතුවෙන් වසරේ මේ දක්වා කාලය තුළ රෝගීන් 28 දෙනෙකු මියගොස් ඇති බවයි.

මේ වසරේ ගත වූ කාලය තුළ දිවයිනෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 26 648 ක්. වැඩිම රෝගීන් සංඛ්‍යාව 4 744 ක් ලෙසින් කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වුණා.

ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ඩෙංගු රෝගීන් 2 334 ක් මඩකලපුවෙන් 3 727 ක් සහ මහනුවරින් රෝගීන් 1 845 ක් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම සදහා තම නිවෙස් අවට පරිශ‍්‍ර පිරිසිදුව තබා ගත යුතුයි. දින 03 කට වඩා උණ පවතියි නම් වහාම වෛද්‍ය ප‍්‍රතිකාර සදහා යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post