News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධය සීනිගමදී පොල් ගසයි.

750 Views


ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධය සීනිගමදී පොල් ගසයි.

රජයට එරෙහිව සීනිගම දේවාලයේදී අද (11) පෙරවරුවේ පොල් ගසා දේව කන්නලව්වක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.

රටට හා ජනතාවට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීම හා මත්තල ගුවන් තොටුපළ ඇතුළු රටේ ජාතික සම්පත් විකිණීමට විරෝධය පළ කරමිනුයි පොල් ගසා මෙම දේව කන්නලව්ව සිදුකිරීමට නියමිතව ඇත්තේ.

මේ අතර, ඉදිරියේදී ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස කටයුතු කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී තීරණයකට එළඹි බව පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා පවසනවා.

හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිල නිවසේදී ඊයේ (10) පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post