News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

යුධ හමුදාපතිව තවත් අවුරුද්දක් තියා ගනී.

523 Views


යුධ හමුදාපතිව තවත් අවුරුද්දක් තියා ගනී.

යුධ හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ධූර කාලය තවත් වසරකින් දීර්ඝ කර තිබෙනවා. හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා ප‍්‍රකාශ කළේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ තීරණයක් මත එම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව ලබන අගෝස්තු මස 19 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඉදිරි වසරක කාලයක් සදහා එම ධූර කාලය දීර්ඝ කර තිබෙනවා. යුධ හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ධූර කාලය අවසන් වීමට නියමිතව තිබුණේ ලබන අගෝස්තු 19 වනදායි.

මහේෂ් සේනානායක මහතා පසුගිය වසරේ ජූලි මස 04 වනදා මෙරට 22 වන යුධ හමුදාපතිවරයා ලෙස පත් කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post