පළාත් පාලන ඡන්ද විමසීමේ දී මහරගම නගර සභාව සඳහා බයිසිකලය ලකුණෙන් තරග කළ ස්වාධීන කණ්ඩායමෙන් තේරී පත් වූ මන්ත‍්‍රීවරුගේ මන්ත‍්‍රී ධූරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළපෙත්සම ලබන 30 වනදා විභාගයට ගැනීමට අධිකරණය අද අවසර ලබා දුන්නා.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ එම පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දීයි.
මහරගම නගර සභාව සඳහා තරග කළ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. පෙත්සම්කරුවන් පවසන්නේ බයිසිකලය ලකුණේ තරග කරඑම නගර සභාවටතේරී පත්වූ අපේක්ෂකයින්ගෙන් බහුතරය මහරගම නගර සභා බල ප‍්‍රදේශයට පරිබාහිර ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි.
යම් පළාත් පාලන ආයතනයක් සඳහා තේරීපත් විය හැක්කේ එම පළාත් පාලන ආයතන සීමාව තුළ පදිංචි කරුවන්ට පමණක් බව ද පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.
මේ අතර කෙරවලපිටිය ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ස්වභාවික තාප විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු චීන සමාගමකට පැවරීමසම්භන්ධ පෙත්සම ද අද කැදවනු ලැබුවා.
පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප‍්‍රකාශ කළේ අදාළ ඉදි කිරීම් චීන සමාගමට පැවරීම තුළින් රුපියල් බිලියන 80 ක පාඩුවක් දැරීමට මෙරටටසිදු වන බවයි.
SIYATHA EVENING NEWS | 06:30 PM | Editor : Nayomi Karunasinghe