News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

වැලිකඩ බන්ධනාගාරය තුළ සිටින සිරකරුවකුට මත් කුඩු ලබා දුන් කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්.

1221 Views


වැලිකඩ බන්ධනාගාරය තුළ සිටින සිරකරුවකුට මත් කුඩු ලබා දුන් කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්.

ටෙනිස් බෝලයක් තුළට මත්කුඩු ඇතුළු කර එම බෝලය වැලිකඩ බන්ධනාගාරය තුළ සිටින සිරකරුවකු වෙත විසිකිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ කාන්තාවකට අද ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කලා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මීය විසින්.

2011 වසරේ ජනවාරි මස විසි වනදා ටෙනිස් බෝලයක් තුළට හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 3.15 ඇතුලූ කර වැලිකඩ බන්ධනාගාරය පිටත සිට එම බන්ධනාගාරය තුළට එය විසි කර තිබුණා. බන්ධනාගාරයේ සිටි විත්තිකරුවෙකුට එම මත්කුඩු ලබා දීම සදහා අදාළ කාන්තාව මෙය සිදු කර ඇති බවයි පසුව අණාවරණය වුනේ.

ඒ අනුව නීතිපතිවරයා විසින් විත්තිකාර කාන්තාවට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා. දීර්ඝ නඩු විභාගයකින් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මීය කියා සිටියේ විත්තිකාරියට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බැවින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවයි.

බොරැල්ල ප‍්‍රදේශයේ පදිංචිතිස්තුන් හැවිරිදි කාන්තාවකට මෙලෙස සිර දඩුවම් නියම කෙරුණා. මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මරණීය දණ්ඩනය නියම වී දඩුවම් ලබමින් සිටියදීත් මත් ද්‍රව්‍ය ජාවාරමට සම්භන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබා දීමට තම අත්සන යොදන බවයි ජනාධිපතිතුමා අද මහනුවරදී සදහන් කලේ.

SIYATHA EVENING NEWS | 06:30 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post