ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂ හා සංවිධාන ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස සන්ධාන ගතවීම සඳහා මේ සතියේ දී සාකච්ඡා ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
මෙම සන්ධානය ඉදිරි මැතිවරණවලදී නෙළුම් පොහොට්ටුව ලකුණ යටතේ තරග කරන බවයි මන්ත‍්‍රීවරයා සදහන් කලේ. ඒකාබද්ධ විපක්ෂය අද පැවැත් වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඩලස් අලහප්පෙරුම මහතා මේ බව ප‍්‍රකාශ කලා.
එම මාධ්‍ය හමුවට එක් වු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා ප‍්‍රකාශ කළේ යහපාලන ආණ්ඩුවේ තෙවසරක ප‍්‍රගතිය ලෙස පෙරදිග මුතු ඇටය ආසියාවේ කුඩු කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති බවයි.
SIYATHA EVENING NEWS | 06:30 PM | Editor : Nayomi Karunasinghe