News Line| Off Air| Games
Generic placeholder image

Jul
11

ශ‍්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ වැඩසටහනේ ආරම්භය අදයි.

457 Views


ශ‍්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ වැඩසටහනේ ආරම්භය අදයි.

ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් මහා සංවර්ධන සැලැස්ම හරහා ශ‍්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ වැඩසටහන අද සිට ආරම්භ කළ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කලේ ත‍්‍රිකුණාමලය, දිස්ත‍්‍රික් මහා සංවර්ධන සැලැස්ම සුබානා ජුරොං ආයතනයට බාර දීම නිමිත්තෙන් අද අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ උත්සවයේ දීයි.

වර්තමානයේ ඉන්දියන් සාගරයේ ආර්ථික සංවර්ධනය පිළිබඳ අවදානය යොමු කරන විට කොළඹ වරායට මෙන්ම ඉදිරියේ ක‍්‍රියාත්මක වන හම්බන්තොට වරායටත් සුවිශේෂී ස්ථානයක් හිමි වන බව රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී පැවසුවා.

2050 වසර වන විටශ‍්‍රී ලංකාවේ නැගෙනහිර දොරටුව ලෙස ත‍්‍රිකුණාමලය සංවර්ධනය කළ යුතු බවයි අග‍්‍රාමාත්‍යවරයා අවධාරණය කලේ. ඉදිරි වසර 10 – 15 ක කාලය සඳහා ශ‍්‍රී ලංකාවට අවශ්‍ය සැලසුම් මෙම ත‍්‍රිකුණාමලය සංවර්ධන සැලැස්මට ඇතුළත් වී තිබෙනවා. ඉන් පසුව සංවර්ධනය සදහා ඉතිරි වන්නේ යාපනය දිස්ත‍්‍රික්කය පමණක් බවයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කලේ.

SIYATHA EVENING NEWS | 06:30 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post