News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

යට ඇදුම් වල සඟවා ගෙන කේරළ ගංජා අලෙවි කල පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට.

851 Views


යට ඇදුම් වල සඟවා ගෙන කේරළ ගංජා අලෙවි කල පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට.

හෙරොයින් කිලෝ 9 යි දශම 9 ක් සමග පුුද්ගලයින් දෙදෙනෙකු දෙදෙනෙකු සෙරුවාවිල ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ විමර්ශන එකකයේ නිලධාරින් විසින්. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී මෙම හෙරොයින් පැකට් 22කට අසුරා තිබුණා. එහි වටිනාකම රුපියල් මිලියන 118ක් බවයි පොලීසිය සදහන් කලේ .

මේ අතර කතරගම පූජා භූමිය තුළ මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අද පෙරවරුවේ දීයි. සැකකරුවන් සිය යට ඇදුම් වල සගවා ගෙන වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට මෙම කේරළ ගංජා අලෙවි කර ඇති බව පොලීසිය සදහන් කලා.

SIYATHA EVENING NEWS | 06:30 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post