News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

සුදු වෙන්න ගාන ක්‍රීම් සොයා පාරිභෝගික අධිකාරියෙන් මෙහෙයුම්.

800 Views


සුදු වෙන්න ගාන ක්‍රීම් සොයා පාරිභෝගික අධිකාරියෙන් මෙහෙයුම්.

කෙටි කලකින් සම සුදු පැහැ ගැන්වීම සඳහා භාවිත කරන සමට අහිකර ආලේපන වර්ග සොයා වැටලීම් සිදු කර බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සදහන් කලේ අදාළ ආලේපන වර්ග පිළිබදව පසුගිය දින වල අණාවරණය වූ ආන්දෝලනාත්මක කරුණු මත මෙම වැටලීම් දැඩි කර ඇති බවයි. පසුගිය දිනෙක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් ආලේපන වර්ග 3ක් කාර්මික තාක්ෂණ ආයතනය වෙත යොමු කර පරීක්ෂණ වාර්තාවක් ලබා ගෙන තිබුණා.

එහිදී අණාවරණය වුනේ මෙම ආලේපනවල අඩංගු විය යුතු රසදිය ප‍්‍රනියමිත ප‍්‍රමාණයට වඩා අතිශයින් ඉහළ අගයක් ගෙන ඇති බවයි. ඒ අනුව අදාළආලේපන වර්ග විකිණීමට ඉදිරිපත් කල ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ඒ අනුව ප‍්‍රමිතියෙන් තොර ආලේපන වර්ග පිළිබදසොයා මෙහෙයුම් සිදු කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post