News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

තද සුළං දිගටම. ඉදිරි පැය 24 ලංකාවේ කාලගුණය මෙන්න.

480 Views


තද සුළං දිගටම. ඉදිරි පැය 24 ලංකාවේ කාලගුණය මෙන්න.

දිවයින අවට මුහුදු ප‍්‍රදේශවල සුළෙඟ් වේගය වැඩි වීමේ හැකියාවක් ඉදිරි දින කිහිපයේදීත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝ මීටර 30ත් 40ත් අතර අගයක් ගන්නා බවයි.

මීගමුව සිට පුත්තලම කන්කසන්තුරය සහ ත‍්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළෙඟ් වේගය විටන්විට පැයට කිලෝ මීටර 50ත් 60ත්ි දක්වා වැඩි විය හැකි යි.

එවිට එම ප‍්‍රදේශ රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප‍්‍රජාව අවදානයෙන් පසු විය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ. මේ අතරබස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටන්විට වැසි ඇති විය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post