News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

රත්මලානේ දී හමුදා කෝප‍්‍රල්වරයෙකුට වෙඩි තැබූ සැකකරුවෙකු අත්අඩංගුවට.

551 Views


රත්මලානේ දී හමුදා කෝප‍්‍රල්වරයෙකුට වෙඩි තැබූ සැකකරුවෙකු අත්අඩංගුවට.

රත්මලාන චකින්දාරාම ප‍්‍රදේශයේදී හමුදා කෝප‍්‍රල්වරයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්භන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අගුණකොළපැලැස්ස ප‍්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කලේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සතුව ටී 56 ගිනිඅවියක් හා උණ්ඩ 14 ක් තිබි සොයා ගෙන තිබෙනවා. කැළණිය යුද හමුදා පොදුසේවා මුලස්ථාන කඳවුරේ ලූතිනන් කර්නල්වරියකගේ රියදුරු ලෙස සේවය කරන කොප‍්‍රල්වරයකුට මෙලෙස වෙඩි තබා තිබුනේ පසුගිය ජූනි මස 25 වැනිදායි.

ඉන් අදාළ කෝප‍්‍රල්වරයා බරපතල තුවාල ලැබුවා. වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය තලවතුගොඩ කිඹුලාවල ප‍්‍රදේශයේ දී හා ඔත්තු බැලීමට පැමිණි ත‍්‍රිරෝද රථය හෝකන්දර දී පසුව පොලීසිය විසින් සොයා ගෙන තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post