News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

හිරේ යන්න පාකිස්තානයේ හිටපු අගමැති ලන්ඩන් වල ඉඳන් පාකිස්ථානයට එයි.

511 Views


හිරේ යන්න පාකිස්තානයේ හිටපු අගමැති ලන්ඩන් වල ඉඳන් පාකිස්ථානයට එයි.

වසර 10 ක සිර දඬුවමක් නියම කෙරුණු පකිස්ථාන හිටපු අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට අද එරටට පැමිනීමට නියතයි. ලන්ඩන් නුවර සිට පකිස්ථානයේ ලාහෝර් බලා ඔහු පිටත් වී ඇති බවයි වාර්තා වන්නේ.

සිර කුටිය ඇස් ඉදිරිපිට තිබුණද තමන් පකිස්ථානයට යන බව ලන්ඩනයෙන් පිටත් විමට පෙර පකිස්ථාන හිටපු අග‍්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා. නවාස් ෂරීෆ් පාකිස්තානයට පැමිණි විගස අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පකිස්ථානු මාධ්‍ය වාර්තා කලේ.

පාකිස්තාන අධිකරණයක් විසින් පසුගිය 06 වනදා නවාස් ෂරීෆ්ට වසර 10ක සිර දඬුවමක් නියම කලා. ඒ එංගලන්තයේ ලන්ඩන් නුවර සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන දූෂණ චෝදනා වලට වරදකරු වීම හේතුවෙන්.

නවාස් ෂරීෆ් පකිස්ථානයේ නොසිටි බැවින් ඔහු නොමැතිව එරට නඩු විභාගය පවත්වාතීන්දුව ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. නවාස් ෂරීෆ් තෙවරක් පාකිස්තාන අගමැතිධුරය හොබවා තිබේ.


News Articles
Latest Videos
Most Popular Post