සාම්පූර් වෙරළ තීරයෙන් තීබීරුපියල් මිලියන 66 ක වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 5 යි ග‍්‍රෑම් 550 ක් හමු වී තිබෙනවා. ඒ පොලීසිය වෙත ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදී.
පොලීසිය පැවසුවේ එම හෙරොයින් පාර්සල් 21 ක් ලෙස හමුවූ බවයි. පොලීසිය සදහන් කලේ සැකකරු සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බව යි.
සෙරුවාවිල ප‍්‍රදේශයේ දී හෙරොයින් කිලෝ 9 යි දශම 9 ක් සමග පුුද්ගලයින් දෙදෙනෙකු දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේ පසුගිය 11 වනදාදයි.
මේ අතර වැලිකඩ බන්ධනාගාරයට පැමිණ දඩුවම් ලබන සිය සැමියා බලා නැවත යමින් සිටි කාන්තාවක් ඝාතනය කිරීමට තැත් කල පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින්.
පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී අත්බෝම්බයක් සහ හෙරොයින් තොගයක්ද හමුවූ බවයි.
SIYATHA EVENING NEWS | 06:30 PM | Editor : Amila Udaraka