පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය යාපනය ප‍්‍රදේශයේදී සිදුකල ප‍්‍රකාශයේ සිංහල සහ දෙමළ ලිඛිත පරිවර්ථනය ලබා දෙන ලෙස රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට අධිකරණය මගින් නියෝග කර තිබෙනවා.
ඒ එම ප‍්‍රකාශයට එරෙහිව පොලීසියට ඉදිරිපත් වී ඇති පැමිණිලි වලට අදාල නඩු විභාගය අද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා හමුවේ සලකා බැලූ අවස්ථාවේදීයි.
අදාල හඩ පට පරීක්ෂා කර එහි අන්තර්ගත කරුණු වල සිංහල සහ දෙමළ පරිවර්ථනය සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වෙත ලබා දෙන ලෙෂ එහිදී නියෝග කෙරුණා.
මහේසත‍්‍රාත්වරයා වැඩිදුරටත් සදහන් කලේ විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධ පරීක්ෂණ වල ප‍්‍රගතිය ඇතුලත් වාර්තාවක් ලබන 20 වනදා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය යාපනය ප‍්‍රදේශයේදී සිදු කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට පසුගියදා උපදෙස් ලබා දුන්නා.
ඒ අදාල ප‍්‍රකාශය සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරිය මහතා නීතිපතිවරයාට කල දැනුම් දීමකට අනුවයි.
නීතිපතිවරයා පවසා ඇත්තේ එම පරීක්ෂණ වාර්තාව කඩිනමින් තමන් වෙත ලබා දීමට කටයුතු කරන ලෙසයි.
අදාල ප‍්‍රකාශය හේතුවෙන් පාර්ලිමේන්තුව තුල සහ ඉන් පිටතදී පක්ෂ විපක්ෂ දේශපාලඥයින් දිගින් දිගටම විරෝධය පල කලා.
ඒ අනුව රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමටයි විජයකලා මහේෂ්වරන් මහත්මිය කටයුතු කලේ.
උතුරේ ජනතාවට මතුව ඇති ගැටලූ නිරාකරණය කර ගැනීම සදහා එල් ටී ටී ඊ් සංවිධානය මෙරට තුල යලි ස්ථාපිත විය යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය විිජයකලා මහේෂ්වරන් මහත්මිය ප‍්‍රකාශ කලේ පසුගිය 2වනදා යාපනය ප‍්‍රදේශයේ පැවති ජනපති නිල මෙහෙවර වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින්.
SIYATHA EVENING NEWS | 06:30 PM | Editor : Amila Udaraka