News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
14

හෙරොයින් ජාවාරමේ නිරත එකම පවුලේ 05 දෙනෙකු අත්අඩංගුවට

519 Views


හෙරොයින් ජාවාරමේ නිරත එකම පවුලේ 05 දෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් ජාවාරමේ නිරත පුද්ගලයින් 05 දෙනෙකු පන්නිපිටිය, වීර මාවතේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන එකම පවුලේ මව, පියා, පුත‍්‍රයා, දියණිය සහ දියණියගේ පෙම්වතායි.

ඔවුන් වීර මාවතේ පිහිටි නිවසක හෙරොයින් පැකට් කරමින් සිටින අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

එම නිවස ඔවුන් මසකට රුපියල් විසි අට දහසක මුදලකට කුලියට ගෙන මෙම ජාවාරාම සිදු කරමින් සිට ඇති බවයි පොලිසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින්වල වටිනාකම මෙතෙක් ගණනය කර නැහැ.

මේ අතර හෙරෝයින් ජාවාරමේ නිරත තවත් සැකකරුවන් තුන් දෙනෙකු කොළඹ ප‍්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට තිබෙනවා.

බොරැල්ල ,කෙසෙල්වත්ත හා කොම්පඤ්ඤ වීදිය යන ප‍්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

SIYATHA MID DAY NEWS | 12:00 PM | Editor : Sithara Athukorala

 


News Articles
Latest Videos
Most Popular Post