News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
15

නිරිතදිගට අද සිට වැසි තත්වයේ වැඩි වීමක්.

582 Views


නිරිතදිගට අද සිට වැසි තත්වයේ වැඩි වීමක්.

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වයේ සුළු වැඩිවීමක් අද සිට අනිද්දා දක්වා ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ති‍්‍රක්කවලටත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි.

ඇතැම් ප්‍රදේශවල මිලිමීටර 50 ඉක්මවූ වැසි ඇතිවිය හැකි වනවා. දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර 50 ත් 60 ත් අතර තද සුළං අපේක්ෂා කළ හැකියි. එමෙන්ම දිවයින අවට මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ද ඉදිරි දිනවලදී ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් ධීවර හා නාවික ප‍්‍රජාව අවධානයෙන් පසුවිය යුතු වනවා.


News Articles
Latest Videos
Most Popular Post