News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
16

බැසිල් රාජපක්ෂට විදෙස් ගත වීමට අවසර.

603 Views


බැසිල් රාජපක්ෂට විදෙස් ගත වීමට අවසර.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා විදෙස් ගත වීමට කොළඹ මහාධිකරණය අද අවසර ලබා දුන්නා. පසුගිය ජනාධිපතිවරණය සමයේ දී දිවිනැගුම අරමුදලෙන් රුපියල් මිලියන 36 කට වැඩි මුදලක් වැය කර දිවයින පුරා ප‍්‍රාදේශීය සභාවලට පයිප්ප බට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධ නඩු අද කැදවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා ඉදිරියේ යි.

තම සේවාදායකයාට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා අගෝස්තු මස 10 වන මාසයක කාලයක් ඇමෙරිකාවට යාමට අවශ්‍ය ඇති බව බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරනය හමුවේ කරුණු දක්වමින් කියා සිටියා.

මෙහිදී රජයේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති වුවත් ඉදිරි නඩු විභාගවලට බාධාවක් නොවන පරිදි මෙම ඉල්ලීමට ඉඩ දෙන ලෙසයි.

ඒ අනුව අදාළ කාලසීමාව තුළ විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතාට විදේශ ගතවීමට අවසර මහාධිකරණ විනිසුරුවරයා අවසර ලබා දුන්නා. එමෙන්ම දැනට අධිකරණ භාරයේ පවතින බැසිල් රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත‍්‍රය රුපියල් ලක්ෂ දෙකක පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙසයි විනිසුරුවරයා නියෝග කලේ.


News Articles
Latest Videos
Most Popular Post