News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
16

මරණ දඬුවම ගැන ජනපතිගේ පැහැදිළි කිරීමක් අවශ්‍ය බව යුරෝපා සංගමය කියයි.

887 Views


මරණ දඬුවම ගැන ජනපතිගේ පැහැදිළි කිරීමක් අවශ්‍ය බව යුරෝපා සංගමය කියයි.

වසර 40 කින් පසු මරණ දණ්ඩනය යලි ක‍්‍රියාත්මක කිරීම පිලිබදව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පැහැදිලි කිරීමක් කල යුතු බව යුරෝපා සංගමය පවසනවා.

එම සංගමය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ මෙරට තුල කුමන හේතුවක් නිසා හෝ මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමට තමන් විරෝධය පල කරන බවයි.

ඒ පිලිබදව දැනුම් දෙමින් ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කර ඇති බවද එම නිවේදනයේ සදහන්. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සදහා මරණ දඩුවම ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායම සදහන් කලේ ඒ පිලිබදව පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාව දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති බවයි.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූවන්ගේ ලයිස්තුවේ පලමු ස්ථානයේ කාන්තාවකගේ නම සදහන් වන බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පවසනවා. අමාත්‍යවරිය මේ බව ප‍්‍රකාශ කලේ අද කහවත්ත ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන් 18 දෙනෙකුගේ නම් ඇතුලත් ලයිස්තුව මේ වන විට බන්ධනාගාරය මගින් අධිකරණ අමාත්‍යංශය වෙත භාර දී තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන මරනීය දණ්ඩනය නියමව සිටින සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තම අත්සන යොදන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කලේ පසුගිය 11 වනදා යි


News Articles
Latest Videos
Most Popular Post