News Line| Off Air| Games
Generic placeholder image

Jul
17

ඇඹිලිපිටිය ප‍්‍රාදේශිය සභාවේ සභාපතිට මාස 3ක සිර දඬුවමක්.

669 Views


ඇඹිලිපිටිය ප‍්‍රාදේශිය සභාවේ සභාපතිට මාස 3ක සිර දඬුවමක්.

ඇඹිලිපිටිය ප‍්‍රාදේශිය සභාවේ සභාපති එම්. කේ අමිල් මහතාට මාස 3ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඒ ඔහු අද අඹිලිපිටය මහේස්ත‍්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේදීයි.

2013 වසරේදී ඇඹිලිපිටිය පනාමුරේ ප‍්‍රදේශයෙදි පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බදා කිරිමේ සිද්ධියකට අදාලව මෙම සිර දඬුවම නියම කර තිබෙනවා.

සියත අධිකරණ වාර්තාකරු සදහන් කලේ අදාල පොලිස් නිලධාරියාට රුපියල් 30 000ක වන්දි මුදලක් ගෙවිමට ද අධිකරණය එහිදී නියම කල බවයි.

සභාපතිවරයා සහ තවත් පුද්ගලයෙකු හිස් අවරණ නොමැතිව යතුරුපැදියක් පදවමින් යන අවස්ථාවේදි අදාල පොලිස් නිලධාරියා ඒ සම්බනධයෙන් විමසීම් කර තිබුණා.

මෙම නඩුව ගොනු කර තිබුනේ එහිදී සභාපතිවරයා එම නිලධාරියාගේ රාජකාරියට බදා කර ඇති බව පවසම්න්.

මේ අතර හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමා හේවා මහතා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධ නඩුව අද කැදවූ අවස්ථාවේ දීයි.

ඒ් අනුව සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කලා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන්ව නොමැති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරුණයට කරුණු වාර්තා කලේ.

කරුණු සැලැකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 31 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි නියෝග කලා.

Siyatha Top Story | 01:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post