දිවයිනේ ප‍්‍රදෙශ කිහිපයකට බලපා ඇති වැසි තත්වයේ වැඩිවීම අදින් පසුව අඩුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ කෙසේවෙතත් අද දිනයේදීත් දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප‍්‍රදේශ වල සුළං තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි.
ඒ අනුව දිවයින හරහා වන සුළඟේ වේගය පැයට කිලෝ 60 ක් දක්වා ඉහල යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. මීගමුව සිට පුත්තලම කන්කසන්තුරය සහ ත‍්‍රීකුණාමලය හරහා මඩකලපුව දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 65 ක් දක්වා ඉහල යා හැකි වනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ සෙසු මුහුදු ප‍්‍රදේශ වලද සුලගේ වේගය පැයට කිලෝමීටර 50ක් දක්වා වැඩි විය හැකි බවයි. ධීවර හා නාවික ප‍්‍රජාව ඒ සම්භන්ධයෙන් අවදානයෙන් පසු වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටින්නේ.
සබරගමුව සහ මධ්‍යම පලාත් වලට අද දිනයේදී මිලිමීටර 40 ක පමණ වන වැසි අපේක්ෂා කෙරෙනවා. බස්නාහිර වයඹ පලාත් වලටත් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්ක වලටත් ඉදිරි පැය කිහිපයේදී වැසි ඇති විය හැකියි.
SIYATHA MORNING NEWS | 6:00 AM | Editor : Amila Udaraka