News Line| Off Air| Games
Generic placeholder image

Jul
18

ඇමෙරිකාව සමඟ වෙළඳ යුද්ධයෙන් චීනයට හානි.

560 Views


ඇමෙරිකාව සමඟ වෙළඳ යුද්ධයෙන් චීනයට හානි.

ඇමෙරිකාව සමඟ ඇති වූ වෙළෙඳ යුද්ධය හේතුවෙන් දෙවැනි කාර්තුවේදී සිය ආර්ථික වර්ධනය මන්දගාමී වූ බව චීනය පවසනවා. වෙළෙඳ යුද්ධය තවදුරටත් පැවැතිය හොත් ඉන් ගෝලීය හානියක් සිදුවිය හැකි බවයි චීනය අනතුරු අඟවන්නේ.

ඇති වූ තිබෙන වෙළෙඳ යුද්ධය තවදුරටත් උග‍්‍ර වනු ඇතැයි යුරෝපා සංගමය සහ චීනය එක්ව බීජිං නුවර පැවැත්වූ සමුළුවකට එක්වෙමින් යුරෝපා සංගමයේ ප‍්‍රධානී ඩොනල්ඕ ටස්ක් පැවැසීය. එමෙන්ම ඇමෙරිකාව, චීනය සහ රුසියාව මෙම අර්බුදයට කඩිනමින් විසඳුම් සෙවිය යුතු යැයි ද ටස්ක් පැවැසීය.

කාර්තුවේ ආර්ථික වර්ධන වේගය අඩු වුවද දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය චීන රජයේ වාර්ෂික වර්ධන ඉලක්කය වූ සියයට 6.5ට වඩා වැඩිය. කෙසේ නමුත් රට අභ්‍යන්තරයේත් ඉන් පිටතදීත් චීනය ඉතා සංකීර්ණ පරිසරයට මුහුණ දෙන බව එරට ජාතික සංඛ්‍යාදත්ත ආයතනයේ ප‍්‍රකාශක මා ඕ ෂෙන්ග්යොන්ග් පැවැසීය.

තම ආර්ථිකය ආරක්ෂා කරගැනීමේදී බහුවිධ අරගලයකට මුහුණ දී සිටී. ණය කන්ද අඩු කරගැනීමේදීත් යුවාන් මුදල් ඒකකය ආරක්ෂා කරගැනීමේදීත් සහ කටා වැටෙන චීන කොටස් වෙළෙඳපොළ චීනය හමුවේ තිබෙන අභියෝගය.

”ලෝක වෙළෙඳ ආරක්ෂණවාදය වැඩි වෙමින් තිබෙනවා. ලෝක ආර්ථික යථා තත්ත්වයට පත්වීම කෙරෙහි එය විශාල අභියෝගයක් වී තිබෙනවා. එය අපට තවත් අභියෝගයක් වගේම අවිනිශ්චිතතාව තවදුරටත් වැඩි කරනවා” යැයි මාවෝ කීවේය.

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ වෙළෙඳ යුද්ධය ආරම්භ වූවා පමණක් යැයි සඳහන් කළ මා චීනය ලොව දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියනු ලබනවා. වෝ මේ වසරේ දෙවැනි අර්ධයේදී ද තත්ත්වය තක්සේරු කරන බව ද කීවේය.


News Articles
Latest Videos
Most Popular Post