News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
19

මානව හිමිකම් සභාපතිනියගේ ප්‍රකාශය ගැන අගමැති කාර්යයාලයෙන් ප‍්‍රකාශයක්.

598 Views


මානව හිමිකම් සභාපතිනියගේ ප්‍රකාශය ගැන අගමැති කාර්යයාලයෙන් ප‍්‍රකාශයක්.

ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම මහත්මියට එරෙහිව කරන ලද ද්වේශ සහගත ප‍්‍රකාශය තරයේ හෙළා දකින බව අග‍්‍රාමාත්‍ය කාර්යයාලය පවසනවා.

නිිවේදනයක් නිකුත් කරමින් එම කාර්යයාලය සදහන් කළේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවත්වීමට පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇති බවයි.

සභාපතිනියගේ, මානව හිමිකම් කොමිෂන් සභාවේ අනෙකුත් කොමසාරිස්වරුන්ගේ හා කාර්යය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙසයි පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත්තේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන වලට අනුකූලව පත් කරන ලද ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ස්වාධීනව කි‍්‍රයාත්මක වන ආයතනයක්.

එහි සභාපතිනිය මේ ආකාරයෙන් ප‍්‍රසිද්ධියේ තර්ජනයට ලක්වීම සහ එවැනි වගකීම් රහිත ප‍්‍රකාශනයන් මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ඉස්මතු කිරීම බරපතල කාරණයක් බවයි අග‍්‍රාමාත්‍ය කාර්යයාලය පෙන්වා දෙන්නේ.

Siyatha Top Story | 01:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post