News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
19

නිව්යෝක් ටයිම්ස් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇරඹේ.

719 Views


නිව්යෝක් ටයිම්ස් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇරඹේ.

ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

කෙසේ වෙතත් අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ පාර්ලිමේන්තුව තුල ඝණ පූර්ණය නොමැති වීම හේතුවෙන් දෙවරක් සීනුව නාද කල බවයි.

විවාදය අතරතුර ඝණ පූර්ණය නොමැති බව පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින්.

ඒ අනුව එක් වරක් සීනුව නාද කර ඇති අතර එහිදීද මන්ත‍්‍රීවරුන් සභා ගර්භයට නොපැමිණීම හේතුවෙන් දෙවන වරද සීනුව නාද කර තිබෙනවා.

මෙම විවාදය පැවැත්වෙන්නේ අදාල පුවත්පත් වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවට විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම කල ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.

2015 ජනාධිපතිවරණය සමයේ දී චයිනා හාබර් සමාගම විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සදහා ඇමරිකානු ඩොලර් මිලියන 7යි දශම 6 ක් ලබා දී ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණේ පසුගිය 26 වනදායි.

Siyatha Top Story | 02:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post